දැඩි ක්‍රියාමාර්ග ගන්න කලින් වහාම ඉල්ලා අස්වෙන්න - ක්‍රීඩා ඇමතිගෙන් දැඩි අනතුරු ඇගවීමක්..!

Roshan Ranasinghe Cricket Sri Lanka Cricket Sri Lanka Indian Cricket Team
By Sewvandhi Nov 03, 2023 12:55 PM GMT
Report

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවයි.

ඊයේ (02) ඉන්දියාව සමග වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302කින් පරාජය වූ අතර ලංකා කණ්ඩායම සිය ඉනිම සඳහා ලකුණු 55කට දැවී ගියේය.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු ගණන එය ලෙස වාර්තා පොතට එක්විය.

සිය නිවේදනයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බවයි.

සුදුස්සාට සුදුසු තැන දී ක්‍රිකට් පරිපාලනයේ ඉවත් නොවී බහිරවයන් සේ නොසිට දැඩි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ නොතබා වගකිවයුත්තන් ඉල්ලා අස්විය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්..

GalleryGallery