රියදුරන්ට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Police Nuwara Eliya Sri Lanka Police Investigation Climate Change Weather
By Sewvandhi Feb 16, 2024 02:02 PM GMT
Report

නුවරඑළිය පොලීසිය විසින්, නුවරඑළිය ප්‍රදේශය පුරා ඝන මීදුම් තත්ත්වයක් පවතින බැවින් එම ප්‍රදේශයේ ගමන් ගන්නා රියදුරන්ට දැඩි විමසිල්ලෙන් රිය ධාවනය කරන්නැයි දැනුම්දෙයි.

එම ප්‍රදේශයට පතිත වන සුළු වර්ෂාවත් සමඟ මෙලෙස ඝණ මීදුම් තත්ත්වයක් පවතින බව වාර්තා වේ.

නුවරඑළිය නගර සීමාව, හාවාඑළිය, බොරලන්ද, උඩපුස්සැල්ලාව ප්‍රධාන මාර්ගය, නානුඔය, තලවාකැලේ, හැටන් ප්‍රධාන මාර්ගය, නානුඔය, රැදැල්ල කෙටි මාර්ගය, නුවරඑළිය, මීපිළිමාන, පට්ටිපොළ, ලෝකාන්තය පිවිසුම් මාර්ගයන්හි මෙම ඝන මීදුම් තත්ත්වය පවතින බැවින් එම ප්‍රදේශවල දැඩි විමසිල්ලෙන් රිය ධාවනය කළ යුතුය.

තවද නුවරඑළිය පොලීසිය රියදුරන්ට වැඩිදුරටත් දැනුම්දෙන්නේ, ඉදිරියෙන් පැමිණෙන වාහන නොපෙනීමේ තත්ත්වයක් පවතින බැවින් සෑම වාහනයකම ආලෝක සංඥා දල්වාගෙන යෑමට කටයුතු කරන ලෙසයි.