කිසිදු විකල්ප මාර්ගයක් නෑ..ප්‍රවේශමෙන් ධාවනය කරන්න..රියදුරන්ට විශෙෂ දැනුම්දීමක්

Sri Lanka Police Sri Lanka Police Investigation Climate Change Weather
By Sewvandhi Feb 15, 2024 03:37 PM GMT
Report

පොලීසිය විසින්, අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව රියදුරන්ට දැනුම්දෙයි.

පොලීසිය පවසන්නේ, මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවයි.

වංගු සහ බෑවුම් සහිත මෙම මාර්ගයට විකල්ප මාර්ග නොමැති බැවින් දැඩි අවධානයකින් යුතුව රථවාහන ධාවනය කරන ලෙසට පොලීසිය වැඩිදුරටත් රියදුරන්ගෙන් ඉල්ලා සිටී.