සති අන්තයේ කොළඹට එන අයට විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Police Colombo Sri Lanka
By Sewvandhi Sep 30, 2022 07:57 AM GMT
Report

කොළඹ-අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස තාවකාලිකව වසා තැබෙන බවට පොලීසිය පවසයි. ඒ අනුව එම කොටස හෙට (01) රාත්‍රී 10.00 සිට අනිද්දා (02) සවස 05 දක්වා වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා කොටස වසා තැබෙනු ඇති.

එහිදී එම කොටස මාර්ගය අවට පදිංචිකරුවන්ට ගමනාගමනය සඳහා සීමිත වේලාවකට අවසර හිමිවනු ඇති. මෙම කාලය තුළදී කොළඹ දෙස සිට පැමිණෙන වාහන වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොලොන්නාව හරහා ගොතටුව නගරය, කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පැමිණිය හැක.

එසේම අවිස්සාවේල්ල දෙස සිට පැමිණෙන වාහන කොටිකාවත්ත මංසන්ධියෙන් ගොතටුව නගරය, කොලොන්නාව හරහා වැල්ලම්පිටිය මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන්කළ හැක. කඩුවෙල සිට ඔරුගොඩවත්ත දක්වා වූ භූගත ජලනල පද්ධතිය සකස් කිරීම හේතුවෙන් මෙම මාර්ග කොටස වසා තැබෙන බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now