පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..(VIDEO)

Sri Lanka Police Shooting Sri Lanka
By Sithumi Sep 18, 2022 12:27 PM GMT
Report

ගල්කිස්ස අධිකරණ සංකීර්ණය තුළ දී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, ගල්කිස්ස කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවය. එම අපරාධයට සම්බන්ධ CCTV දර්ශන හා අනෙකුත් සාක්ෂිවලින් අනාවරණය වූ කරුණු මත වෙඩිතැබීම සිදුකර පළා ගිය සැකකරුගේ හා ඊට ආධාර අනුබල දුන් සැකකරුගේ මුහුණුවලට සමාන ලෙස පොලිස් චිත්‍ර ශිල්පියා විසින් අඳින ලද චිත්‍ර දෙකක් පහතින් දැක්වේ.

අදාළ ඡායාරූපවල සිටින සැකකරුවන් පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ දුරකථන අංක 0112 717 516 ට හෝ ගල්කිස්ස පොලිස් ස්ථානයේ දුරකථන අංක 071 8591 664 ට දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඔවුන් අදාළ අපරාධයෙන් පසු පළා ගිය බවට සැකකෙරෙන මෝටර් රථයක ඡායාරූපයක් හා එම සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන කිහිපයක්  දැක්වේ.  



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now