පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්..
Sri Lanka Police
Sri Lankan protests
Sri Lanka
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ඉකුත් ජූලි මස 7 වැනි දින ඇති වූ කළහකාරී හා ප්‍රචණ්ඩකාරී සිදුවීම්වල දී හිටපු අග්‍රාමාත්‍ය, වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවසට පහර දී හානි කිරීමට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය පතනවා.
ඒ අනුව සිදුවීමට අදාලව ලබාගත් සමීප ආවේක්ෂණ දර්ශන හා විමර්ශනවලට අදාලව ලබා ගත් වීඩියෝ දර්ශන ඇසුරින් මෙම සැකකරුවන් හඳුනාගත් බවයි පොලීසිය පවසන්නේ.
එබැවින් එම සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ..
071-8594913
011-2449358
011-22013883
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
