සාවද්‍ය තොරතුරක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් විශේෂ නිවේදනයක්

Ranil Wickremesinghe Sri Lanka President of Sri lanka
By Sithumi Sep 20, 2022 04:31 PM GMT
Report

ජනපතිගේ එක්සත් රාජධානියේ නිල සංචාරයට අදාළව සාවද්‍ය තොරතුරු පළවෙමින් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. බ්‍රිතාන්‍යයේ දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ දූත පිරිස සම්බන්ධයෙන් ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා සමාජ මාධ්‍ය විවිධ සාවද්‍ය තොරතුරු හුවා දක්වමින් මහජනතාව නොමඟ යැවීමට කටයුතු කරන බව එලෙස නිරීක්ෂණය වෙන බව එහි දැක්වෙයි.

මෙම අවස්ථාව සඳහා ලැබුණු නිල ආරාධනය අනුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා ද මීට සහභාගීවී ඇත.

ජනාධිපතිවරයාගේ භාර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ එතුමියගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද ඊයේ (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්වී සිටින අතරතුරදී බව වැඩිදුරටත් පෙන්වා දෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now