පාර්ලිමේන්තුවෙන් විශේෂ නිවේදනයක්..!
                                    
                    Parliament of Sri Lanka
                
                                                
                    Sri Lanka Parliament
                
                                                
                    Ranil Wickremesinghe
                
                                                
                    Government Of Sri Lanka
                
                                                
                    Sri Lanka Government
                
                        
        
            
                
                By Sewvandhi
            
            
                
                
            
        
    පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙරට 09 වන පාර්ලිමේන්තුවේ 5 වන සැසිවාරය එළඹෙන 07 වනදා ඇරඹෙන බවයි.
එහිදී උදෑසන 10.30 ජනපතිගේ ප්‍රධානත්වයෙන් එම සැසිවාරය උත්සවාකාරයෙන් පැවැත්වෙනු ඇත.
එම නිවේදනයේ, එදින ජනපති විසින් ඉදිරිපත් කරනු ලබන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් සභාව කල්තැබීමේ අවස්ථාවේ විවාදය පැවැත්වෙන දින සම්බන්ධයෙන් ද සඳහන් වෙයි.
එහි දැක්වෙන්නේ එම විවාදය පෙබරවාරි 08 වනදා සහ 09 වනදා උදෑසන 9.30සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමකදී තීරණය කළ බවයි.
Sponsored By Sarrita Jewellery
                
                