නැවත දැනුම්දෙන තුරු වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සීමාකෙරේ..!
Sri Lanka Economic Crisis
Sri Lanka
Sri Lanka Fuel Crisis
By Sewvandhi
ලබන මස 4 වනදා සිට නැවත දැනුම්දෙන තෙක් බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් බව පළාත් සභාව පවසනවා.
ප්‍රධාන ලේකම්වරිය නිවේදනය කළේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි. ඊයේ (2022-06-29) දින සිට කල් ඉකුත් වන බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන ආදායම් බලපත්‍ර සඳහා ලබන ජුලි මස 29 වනදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා.
එමෙන්ම බස්නාහිර පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වන පිවිසීමෙන් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට හැකියාව පවතිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |