විදෙස් ශ්‍රමිකයන්ගේ ඩොලර් සඳහා විශේෂ දීමනාවක් - මුදල් අමාත්‍යංශයෙන් නිවේදනයක්..!

central bank dollar Basil Rajapaksha Finance minister
By Sewvandhi Mar 09, 2022 01:59 PM GMT
Report

විදෙස් රැකියාවන් හි නිරතව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට විශේෂ දිරි දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. ඒ අනුව, විදෙස් ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන සෑම ඩොලරයකටම රුපියල් 20ක් වන පරිදි දිරි දීමනාවක් ගෙවීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය පැවසීය.

මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එලඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් එම තීරණය ගත් බවය.

මෙමගින් විදේශ ශ්‍රමිකයින්ට තම ප්‍රේෂණ සඳහා සුරක්ෂිතවයට අමතරව ඉහළ ප්‍රතිලාභයක්ද ලබාගත හැකි බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, මෙතෙක් විදෙස් ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ සඳහා ගෙවනු ලැබු රුපියල් 8 දිරි දීමනාව සහ විදෙස් මුදල් නෝට්ටු මාරු කිරීමේදී ගෙවන රුපියල් 10ක දිරි දීමනාව ගෙවීම අද (09) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now