අද දිනයේත් විදුලිය කපා දැමීමක්..? විදුලිබල මණ්ඩලය කියන දේ.
අද (22) දිනයේ විදුලි කප්පාදුවක් සිදු කරන්නේද යන්න සම්බන්ධයෙන් දහවල් කාලයේ දී ප්‍රකාශයට පත් කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. විදුලි උත්පාදනය සඳහා සපුගස්කන්ද බලාගාරයේ පවතින දැවි තෙල් තවත් පැය කිහිපයක් සඳහා පමණක් ප්‍රමාණවත් වන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඒ අනුව දැවි තෙල් ලබා දෙන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට දැනුම් දී ඇති අතර ඔවුන් දැවී තෙල් ලබාදීම සිදුකළහොත් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව විදුලිබල මණ්ඩලය පැවසුවේය.
කෙසේවෙතත් විදුලි උත්පාදනය සඳහා කැලණිතිස්ස බලාගාරයට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික්ටොන් 10,000 ක් මේ වන විට සම්පූර්ණයෙන්ම ලබා දී තිබේ.
මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය ඩී.සී.ආර් අබේසේකර මහතා පත්කිරීම සම්බන්ධයෙන් මෙතෙක් එකඟතාවකට එළඹ නොමැති බව ද වාර්තා වේ.
ආචාර්ය ඩී.සී.ආර් අබේසේකර මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කරන ලෙස විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා විසින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබුණි.
ස්ථිර සාමාන්‍යාධිකාරි ධුරය සම්බන්ධයෙන් පවතින නඩු තීන්දුව අවසන් වන තෙක් දැනට වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන ආචාර්ය සුසන්ත පෙරේරා මහතා වෙනුවට මෙම පත්කිරීම අනුමත කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී ඇති බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක සාමාජිකයින් අතර ඊයේ (21) දිනයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එහිදී විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා ලෙස ආචාර්ය ඩී.සී.ආර් අබේසේකර මහතා පත්කිරීම පිළිබඳව එකඟතාවයකට එළඹීමට නියමිතව තිබුණි.
කෙසේවෙතත් නව වැඩබලන සාමාන්‍යාධිකාරීවරයා පත් කිරීම සම්බන්ධයෙන් එහිදී එකඟතාවයකට එළඹ නොමැති අතර මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී නැවතත් අදාළ නිලධාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |