සෑම මසකම 15 වෙනිදා ඉන්ධන මිල වෙනස් වෙයි..? මිල සූත්‍රය ගැන බලශක්තිය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!
බලශක්තිය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.එනම් විල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධන ක්‍රමවේදයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
එනම් ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහළ යෑමත් සමඟ මිල සංශෝධනය සිදු කළ යුතු බැවින් ඉන්ධන මිල සූත්‍රය එලෙසම ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශයේ දැනුම් දෙන්නේ.
සෑම මසකම පළමු වනදා සහ 15 වනදා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල සංශෝධනයක් සිදුකෙරෙන අතර එය සාධාරණ නොවන බවට ඉන්ධන පිරවුම්හල්හිමියන් සහ බෙදුම්කරුවන් චෝදනා කරයි.
එම තත්ත්වය හමුවේ ඉන්ධන මිල අඩුවීමක් සිදුවන බවට අපේක්ෂාවෙන් ඉන්ධන ඇණවුම් කිරීම ප්‍රමාද කිරීමට ද ඉන්ධන පිරවුම්හල් හිමියන් පසුගිය දිනවල කටයුතු කිරීම තුළ ඉන්ධනහල් රැසක ඉන්ධන නොමැති වීම සහ පෝලිම් පවතින ආකාරය ද දක්නට ලැබුණි.
කෙසේවෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් පසුගිය පළමුවනදාට සිදුකළ යුතු ඉන්ධන මිල සංශෝධනය සිදුනොවන බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඉන්ධන ඇණවුම් කිරීමට පිරවුම්හල් හිමියන් පියවර ගත්තේය. ඒ අනුව, ඉන්ධනහල්වලින් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේය.
කෙසේවුවද ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ නැංවීම පිළිබඳ ප්‍රසාදය පළකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසීය. මේ අතර බස්නාහිර පළාතේ වෘත්තීය ත්‍රිරෝද රථ සඳහා වැඩිකළ අමතර ඉන්ධන කෝටාව ලබාදීම අද (07) සිට ක්‍රියාත්මක වෙයි.
ඊට අදාළව QR දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකය. කෙසේවෙතත් බොහෝ පිරිසක් චෝදනා කරන්නේ අද දිනයේදී දත්ත පද්ධතිය යාවත්කාලීන නොවීමෙන් ඉහළ දැමූ ඉන්ධන කෝටාව ලබාගැනීමට නොහැකි වූ බවය.
ත්‍රීරෝද රථවලට ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් පහේ සිට දහය දක්වා වැඩි කිරීමට පසුගියදා තීරණය කෙරුණු අතර එය අදියර කිහිපයක් ඔස්සේ දිවයිනපුරා ක්‍රියාත්මක කිරීමට නියමිතය. www.wptaxi.lk වෙබ් අඩවිය ඔස්සේ බස්නාහිර පළාතේ 9,000කට ආසන්න ත්‍රිරෝද රථ ප්‍රමාණයක් සහ පොලිස් ස්ථානවල 16,000කට අධික ත්‍රිරෝද රථ ප්‍රමාණයක් ඊයේ වනවිට ලියාපදිංචි වී තිබුණි.
කෙසේ වෙතත් ඇතැම් ත්‍රීරෝද රථ හිමියන් පවසන්නේ ලියාපදිංචි වූවද ඊට අදාළ ඉන්ධන කෝටාව ඉහළ නැංවීමේ QR දත්ත පද්ධතිය යාවත්කාලීන වී නොමැති බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |