ඡන්ද දායකයින්ට මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්..!
2022 ඡන්ද හිමි නාම ලේඛණයට නම ඇතුළත් වී නැති ඡන්ද දායකයන්ට ඊට තම නම ඇතුළත් කර ගැනීම සදහා අද සිට අවස්ථාව උදාවන බව මැතිවරණ කොමිසම පවසනවා.
ලබන මස 12 වැනි දා දක්වා ඒ සදහා අවස්ථාව පවතිනවා. මේ වසරට අදාළ ව සකස් කර ඇති නාමලේඛණ ග්‍රාම නිලධාරී කාර්යාලවල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල හා පළාත් පාලන ආයතනවල පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී අද සිට ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.
ලැයිස්තුවෙන් ඉවත් කර ඇති නම් පිළිබඳ ද එහි දී දැන ගත හැකි බව යි වාර්තා වන්නේ.
පසුගිය වසරට අදාළ නම් ඊට ඇතුළත් වන අතර, තම නම එහි සදහන් නො වේ නම්, ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වීමේ ආකෘති පත්‍රයක් ග්‍රාම නිලධාරීවරයාට භාරදෙන්නැ යි මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා.
http://www.election.gov.lk/ වෙබ් අඩවිය මඟින් ද ඡන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංච වීමට අයදුම් කළ හැකි යි.
2022 වසරට අදාළ ව ඡන්ද දායකයෙකු ලෙස ලියාපදිංචි වී ඇත් ද යන්න පිළිබඳ ද එම වෙබ් අඩවියෙන් පරීක්‍ෂා කර බැලිය හැකි බව මැතිවරණ කොමිසම පවසනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |