මහ බැංකුවෙන් හදිසි දැනුම්දීමක්..!

Central Bank of Sri Lanka Sri Lanka Financial crisis Economy of Sri Lanka
By Sewvandhi Aug 28, 2023 08:48 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව මගින්, මාර්ගගත ක්‍රම මඟින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වෙන ලෙස ජනතාවට දැනුම්දී තිබේ.

වෙහෙස වී උපයා ගත් ධනය තමන්ට අහිමිව යෑමට ඉඩ ඇති බැවින් මෙවැනි වංචාවන් පිළිබඳව විමසිලිමත් වන ලෙසයි, නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කර ඇත්තේ.

යම් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් එම ගැටලු  cbslgen@cbsl.lk යන ඊමේල් ලිපිනයට යොමුකළ හැකි බව ද මහ බැංකුව දැනුම්දෙයි.

මහ බැංකුව ජනතාව ඇතැම් වංචාකරුවන් ඔවුන්ගේ ප්‍රචාරණ වැඩසටහන් සිදුකරන ආකාරය පිළිබඳව ද දැනුවත් කර තිබේ.

ඒ පිළිබඳ සම්පුර්ණ විස්තරය පහතින් දැක්වේ..

Gallery