ණය පොලී අනුපාත පහළ දැමීම ගැන සියලුම බැංකුවලට දැනුම්දීමක්..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Jul 22, 2023 12:12 PM GMT
Report

සියලුම බලපත්‍රලාභී බැංකු වෙත, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

 ප්‍රතිපත්ති පොලී අනුපාත අඩුකිරීමට සාපේක්ෂව සියලු ණය පොලී අනුපාත පහත දැමීමට වහා පියවර ගන්නා ලෙසටයි එහි සඳහන් වන්නේ.

මහ බැංකුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ණය පොලි අනුපාත ප්‍රමාණවත් ලෙස පහත නොදමන්නේ නම් හෝ ඒ සඳහා ප්‍රමාදවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මහ බැංකුවට පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවිය හැකි බව අවධාරණය කරන බවය.