ආයතන 15ක මුදල් හුවමාරු බලපත්‍ර සම්බන්ධයෙන් මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Ministry of Finance Sri Lanka Financial crisis
By Sewvandhi Jul 10, 2023 10:24 AM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් හුවමාරු කිරීමේ ආයතන 15ක බලපත්‍ර අලුත් නොකිරීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ,  2023.02.22 වන දින ඔවුන් වෙත මෙම තීරණය දැනුම්දී ඇති බවය. මහා බැංකුව පවසන්නේ 2022 වර්ෂය සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියකට අනුකූල නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.

ජනතාව වෙත ශ්‍රී ලංකා මහබැංකුව අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් දැනුම්දී සිටින්නේ, පහත ලැයිස්තුවේ නම් සඳහන් සමාගම් සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල නිරතවීමට අවසර නොමැති බවත්, එම සමාගම් සමඟ විදේශ මුදල් මිලදීගැනීම, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලබන බවයි.

ඒ අනුව මෙලෙස 2023 වර්ෂය සඳහා මුදල් හුවමාරු කිරීමේ බලපත්‍ර අලුත් නොකරන ලද ආයතන පහළින්.  

Gallery