අතුරුදන් වූ මුදල් බන්ඩලය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..
බැංකුව විසින් පසුගිය අප්‍රේල් මස 11 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයෙන් ලක්ෂ 50ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව මහ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයේ සඳහන් වන්නේ එදින මෙහෙයුම් කටයුතු අතරතුරදී මෙම අඩුවීම වාර්තා වූ බවය.
මෙසේ අඩුවී ඇති බවට වාර්තා වී ඇත්තේ මහ බැංකු අභ්‍යන්තර සුරක්ෂිතාගාරයක තිබූ ලක්ෂ 50ක වටිනාකමකින් යුතු රුපියල් 5000 නෝට්ටු බණ්ඩලයක් බවයි එම නිවේදනයේ සඳහන් ව තිබෙන්නේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සිද්ධිය සම්බන්ධයෙන් අභ්‍යන්තය විමර්ශනයක් කඩිනමින් ආරම්භ කර ඇති බවද සිය නිවේදනයෙන් පෙන්වා දෙයි. මේ අතර එම සිදුවීම පිළිබඳව කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් පොලිස් විමර්ශන කටයුතු ක්‍රියාත්මක බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
එම විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය සහායද අඛණ්ඩව ලබා දෙමින් සිටින බව මහ බැංකුව පවසයි. මෙම සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැංකුව විමර්ශන කටයුතු දැඩිව සිදු කිරීමට සහ අභ්‍යන්තර පාලනයන් හා මෙහෙයුම් කටයුතු ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද අදාළ නිවේදනයේ සඳහන්ව ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |