විදෙස් ප්‍රේෂණ ගැන මහ බැංකුවෙන් නිවේදනයක්..
Central Bank of Sri Lanka
Sri Lanka
By Sewvandhi
විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය මාසයේදී සැලකියයුතු ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ පෙබරවාරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 205ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
පෙබරවාරි මාසය තුළ 23,974 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවද මහ බැංකුව සඳහන් කරනවා.
එමෙන්ම පෙබරවාරි මාසයේ සංචාරක ක්ෂේත්‍රයේ ඉපැයුම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 170ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |