ගණුදෙනුකරුවන්ගෙන් ණය පියවා ගැනීම ගැන මහ බැංකුවෙන් විශේෂ තීරණයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Financial crisis
By Sewvandhi Mar 09, 2023 02:42 AM GMT
Report

මහ බැංකුව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ, දීර්ඝ කාලීන ණය නොගෙවීම මූල්‍ය අංශය මත මෙන්ම ගණුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කරන බැවින් අදාළ ආයතන සමඟ එකඟ වූ සැලැස්ම පරිදි ණය ගෙවීම ගණුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන බවයි.

ඒ, සාර්ව ආර්ථික තත්ත්වයන් හමුවේ බලපෑමට ලක්වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සහ පුද්ගලයින් සඳහා සුදුසු මූල්‍ය සහන ලබාදෙන ලෙසට මූල්‍ය ආයතනවලින් කළ ඉල්ලීම් පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.

ණය පහසුකම් සඳහා සහන, ආපසු අය කර ගැනීමේ ක්‍රියාමාර්ග අත්හිටුවීම, ණය කලින් පියවීම සඳහා අවස්ථාව සැලසීම, ඊට අදාළව අය කරනු ලබන ගාස්තු සහ අනාගත පොලී අත්හිටුවීම වැනි සහන ගණුදෙනුකරුවන්ට ලබාදෙන ලෙසයි මහ බැංකුව මීට පෙර අදාළ ආයතනවලින් ඉල්ලා සිටියේ.

එම ක්‍රියාවලිය කඩිනමි කරන ලෙසටද මූල්‍ය ආයතනවලින් ඉල්ලා ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now