මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lanka
By Sewvandhi Jan 07, 2023 02:59 PM GMT
Report

ජනවාරි 16 සිට බලපැවැත්වෙන පරිදි වානිජ බැංකුවලට සිය අතිරික්ත ද්‍රවශීලතාව නිත්‍ය තැන්පතු පහසුකම යටතේ එක්දින පදනම මත තැන්පත් කිරීමට සහ පොලිය උපයා ගැනීමට තිබූ අවස්ථාව මාසයකට උපරිම අවස්ථා 5 ක් දක්වා සීමා කර තිබෙනවා.

එසේම, සුරැකුම් මත ලබාදෙන නිත්‍ය ණය පහසුකම අදාළ දිනකදී බැංකුවේ සංචිත අවශ්‍යතාවයෙන් සියයට 90 දක්වා සීමා කෙරෙනු ඇති.

මහබැංකුව ප්‍රකාශ කළේ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස නිත්‍ය පහසුකම මත වන ඉහළ රැඳියාව අඩු කිරීමට ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කළ බවයි. 

 මෙවැනි ක්‍රියාමාර්ග මගින් මූල්‍ය ආයතන අතර තැන්පතු සඳහා වන හිතකර නොවන තරගකාරිත්වය ඉවත් කරනු ඇති අතර, වෙළඳපොල ද්‍රවශීලතාව ද වර්ධනය කරනු ඇති බව මහබැංකුවේ අදහසයි.

එමගින් පොලී අනුපාතික තවදුරටත් අඩුවනු ඇතැයි ප්‍රකාශ කරන මහබැංකුව එය ආර්ථිකයේ ස්ථායිතාවය නැවත ඇති කර ගැනීමට හේතුවනු ඇති බවයි සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now