අවදානයෙන් සිටින්න..! විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..!
Sri Lanka Police
Sri Lanka
Government Of Sri Lanka
By Sewvandhi
මුදල් හෝ ගමන් බලපත්‍ර යම් පාර්ශවයකට ලබාදීමට පෙර එම ආයතන වල නිත්‍යානුකුල භාවය ගැන සැළකිලිමත්වන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවට දැනුම් දෙනවා.
සිය කාර්යාංශයේ ලියාපදිංචි බලපත්‍ර ලාභි විදේශ රැකියා නියෝජිතායතන හා එම ආයතන වෙත ලැබි ඇති රැකියා සම්බන්ධයෙන් සියලු තොරතුරු සිය වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ.
රුමේනියාව,ඊශ්‍රායලය, ජපානය, දකුණු කොරියාව වැනි රටවල රැකියා අවස්ථා ලැබී ඇති බවට අසත්‍ය තොරතුරු විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කරමින් වංචනිකව මුදල් ලබාගැනීමට ජාවරම්කරුවන් පිරිසක් කටයුතු කරමින් සිටින බව එම කාර්යාංශය වැඩිදුරටත් සදහන් කළා,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |