වාහනේ ගත්තෙ ලීසිං කරල ද? වාහන හිමිකරුවන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න..

Department of Motor Vehicles vehicle imports sri lanka
By Gagana Feb 10, 2024 12:38 PM GMT
Report

මින් පසු ලීසිං සමාගම්වලට මැර බලය යොදා ගනිමින් වාහන රැගෙන යා නොහැකි බව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමය පවසා තිබෙනවා.

ඒ අනුව ලීසිං හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා පවසන්නේ නව චක්‍රලේඛයක් නිකුත් කර ඇති අතර මේ හේතුවෙන් ලීසිං සමාගම්වලට බලහත්කාරයෙන් වාහන රැගෙන යාමට නොහැකි බවයි.

අදාළ චක්‍රලේඛයට පසුගිය 08 වනදින වැඩබලන පොලිස්පතිවරයා අත්සන් කර ඇති බවයි සඳහන් වන්නේ.