විදුහල්පතිවරයෙකු ඉල්ලා පිරිසක් විරෝධතාවයක..
Ministry of Education
Sri Lanka
SL Protest
Sri Lankan Schools
By krishani
අද (18) නොච්චියාගම - ඉහළ කොඩිතොක්කුව විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ මවුපියන් විසින් එම විදුහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඒ එම විදුහලේ විදුහල්පතිවරයකු නොමැති වීම නිසා පාසල වැසී යාමේ තර්ජනයකට ලක්ව ඇතැයි පවසමින් ය.
ඒ හේතුවෙන් පාසලට විදුහල්පතිවරයෙකු හැකි ඉක්මනින් ලබාදෙන මෙන් ඔවුන් ඉල්ලා සිටියේ ය.
එම විරෝධතාවයට සිසුන් පිරිසක් ද එක්ව සිටීම විශේෂත්වයක් විය.
මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ බොහෝ ගුරුවරුන් නිවාඩු ලබාගෙන විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම ගුරුවරුන් 5000කට වැඩි ප්‍රමාණයක් පාසල් හැර යාමට හේතුව රාජ්‍ය සේවකයන්ට වසර 5ක නිවාඩුවක් අයදුම් කිරීමට රජය ලබා දුන් පහසුකම බව ගුරු සංගම් සඳහන් කළේ ය.