පරිස්සමෙන් කෑමට නුසුදුසු බොහෝ ආහාර වෙළදපොලේ..
Rice
foods
marcket
By Sithumi
බගවන්තලාව නගරයේ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවි කළ වෙළඳුන් 15 දෙනෙකුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට අද(22) කටයුතු කළ බව නුවරඑලිය දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල සෙනවිරත්න මහතා සඳහන් කළේය
. බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ආර්.එස්.කේ.ජයසුරිය මහතාගේ අධික්ෂණය යටතේ මෙම පරික්ෂාව සිදුකර තිබේ.
වතුකරයේ ජනතාවට ගුණාත්මක ආහාර ලබාදිමේ අරමුණින් බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය විසින් බගවන්තලාව ටින්සින්, කැම්පියන්, පුලියාවත්ත යන නගර වල මෙම හදිසි පරික්ෂාව සිදු කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |