වයඹ පළාත් පාසල් දෙවන වාර විභාගයේ දින කිහිපයක් සංශෝධනය කෙරේ

Department of Examinations Sri Lanka Education Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Jul 14, 2026 06:24 AM GMT
Report

වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිතව තිබූ පාසල් දෙවන වාර විභාගයේ දින කිහිපයක් සංශෝධනය කිරීමට තීරණය කර තිබේ.

වයඹ පළාත් ප්‍රධාන ලේකම්වරයා සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්වරයාගේ එකඟතාව මත ගනු ලැබූ විශේෂ තීරණයකට අනුව, හෙට (15) සිට ජූලි 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ විභාග දින හතරක් කල් දමා ඇත.

ඒ අනුව, එම කාලසීමාව තුළ පැවැත්වීමට නියමිතව තිබූ විභාග ජූලි 21 සිට 24 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

රථවාහන දඩ ගෙවන්න කියා එන මැසේජ් ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි නිවේදනයක්

රථවාහන දඩ ගෙවන්න කියා එන මැසේජ් ගැන ශ්‍රී ලංකා පොලිසියෙන් හදිසි නිවේදනයක්

මුල් කාලසටහනට අනුව, 6 සිට 9 ශ්‍රේණි දක්වා දෙවන වාර විභාගය ජූලි 9 සිට 17 දක්වාත්, 10 සහ 11 ශ්‍රේණි සඳහා ජූලි 9 සිට 20 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේ වෙතත්, පවතින තත්ත්වය හේතුවෙන් ජූලි 15 සිට 20 දක්වා විභාග කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට ඇති අපහසුතාව සැලකිල්ලට ගනිමින් මෙම සංශෝධනය සිදු කර ඇති බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කල් දැමුණු විභාග සඳහා වන නව සංශෝධිත කාලසටහන අද (14) දිනයේදී නිකුත් කිරීමට නියමිත බව ද වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙද්දී මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළට

ඩෙංගු රෝගීන් 70,000ට ආසන්න වෙද්දී මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළට