සෙනරත්ගම දුම්රිය පීලිපැනීමෙන් අඩාල වූ උතුරු මාර්ගයේ ධාවනය යථා තත්ත්වයට
Department of Railways
Latest Headlines
Sinhala news
Puwath.lk
Train
By R.rishma
සෙනරත්ගමදී තැපැල් දුම්රිය පීලිපැනීමට ලක්වීමෙන් අඩාලවී තිබූ උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සහන දුම්රියක් එම ස්ථානයට යොමුකර පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලි ගත කිරීමට කටයුතු කළ බවයි.
කොළඹ - කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී එලෙස පීලිපැනීමට ලක්විය. ඒ හේතුවෙන් කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියද ධාවනය වූයේ අනුරාධපුර දක්වා පමණයි.