උතුරු කොරියානු ප්‍රබල මිසයිලයක් ජපානයට කඩා වැටෙයි..ජපන් ජනතාවට අනතුරු ඇඟවීමක්..

Japan North Korea
By Aruna Nov 04, 2022 03:58 AM GMT
Report

උතුරු කොරියාව විසින් ලෝකයේ අනෙක් පස පිහිටි ඉලක්කයන්ට පහර දිය හැකි දිගු දුර අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලයක් (ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්) පනවා ඇති තහනම නොතකමින් නීති විරෝධී ලෙස අත්හදා බලා ඇති බව දකුණු කොරියාව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙම දිගු දුර බැලැස්ටික් මිසයිලය කිලෝ මීටර් 1920ක් උසින් කිලෝ මීටර් 760ක් (සැතපුම් 472ක්) දුරට ගමන් කර ඇති බව දකුණු කොරියානු මාණ්ඩලික ආරක්ෂක ප්‍රධානියා විසින් නිවේදනය කර ඇත.

මෙම මිසයිලය ගුවනේ මැද හරියේදී අසාර්ථක වී ඇති අතර එය ජපන් මුහුදට කඩා වැටී ඇති බව වාර්තා වී තිබේ.

අදාළ මිසයිලය උතුරු කොරියාව විසින් මෙම වසරේදී යවන ලද හත්වැනි දිගු දුර මිසයිලය බව පෙන්වා දෙන දකුණු කොරියාව උතුරු කොරියාව ළඟදීම න්‍යෂ්ටික අවියක් අත්හදා බලන ලකුණු දක්නට ලැබෙන බව සඳහන් කර තිබීමද විශේෂත්වයකි.

පෙරේදා (02) දිනයේදී උතුරු කොරියාව හා දකුණු කොරියාව විසින් තරඟයට මෙන් මිසයිල විද ඇති අතර මෙහිදී උතුරු කොරියාව විසින් කෙටි දුර මිසයිල දෙකක් ඇතුළු මිසයිල 23ක් විද ඇති බව වාර්තා වී තිබිණි.

මෙසේ මිසයිල ගණනාවක් එක දිගට නිකුත් කිරීම නිසා ජපාන රජය සිය උතුරු කලාප කිහිපයක වෙසෙන ජනතාවට පෙරේදා දිනයේ එළිමහනට නොයා නිවෙස්වලටම වී සිටින ලෙස අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබිණි.

කොරියානු මුහුදු කලාපය තුළ දකුණු කොරියාව හා ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්‍රියාත්මක කර ඇති ඒකාබද්ධ යුද අභ්‍යාසයන්ට විරෝධය පාමින් උතුරු කොරියාව දිගු දුර මිසයිල විදීමට පෙළඹී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now