උතුරු කොරියාවෙන් ජපානයට ඉහළින් ප්‍රබල ප්‍රහාරයක්..ජපන් දුම්රියත් නතර වෙයි..(VIDEO)

Japan North Korea
By Aruna Oct 04, 2022 03:20 AM GMT
Report

උතුරු කොරියාව විසින් උතුරු ජපානයේ කොටසකට අතරමැදි දුරකින් බැලස්ටික් මිසයිලයක් අත්හදා තිබෙනවා.

හොක්කයිඩෝ දූපතේ සිටින මිනිසුන්ට එය පියාසර කිරීමේදී ආවරණය වන ලෙස ජපාන රජයෙන් අනතුරු ඇඟවීමක් ද නිකුත් කර තිබුණා.

මේ හේතුවෙන් සමහර දුම්රිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ද කටයුතු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එය 2017 වසරෙන් පසු ජපානයට ඉහළින් උතුරු කොරියානු මිසයිල දියත් කරන පළමු අවස්ථාවයි.

කෙසේවෙතත් ජපානයේ සිට කිලෝමීටර් 3,000ක් (සැතපුම් 1860ක්) පමණ දුරින් පැසිෆික් සාගරයට මිසයිලය වැටී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු හානියක් වාර්තා වී නොමැති බවත් බලධාරීන් පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now