හදිසියේම නොරොච්චෝලේ කාර්මික දෝෂයක් - විදුලිය උත්පාදනයට කුමක් සිදුවෙයි ද?.

Sri Lanka
By krishani Aug 08, 2023 09:57 AM GMT
Report

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ විදුලි උත්පාදන කටයුතු අත්හිටුවා ඇත.

ඒ අනුව මෙගාවොට් 270ක විදුලිබල ධාරිතාවක් ජාතික පද්ධතියට අහිමිවනු ඇති  බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ ය.

මේ වන විට ගල් අගුරු බලාගාරයේ එක් ජනනය යන්ත්‍රයකින් විදුලි උත්පාදනය අත්හිටුවා ඇත.

මේ අතර දෙවන යන්ත්‍රය ක්‍රියා විරහිත වීමත් සමඟ සමස්ථ බලාගාරයෙන් මේ වනවිට ජාතික පද්ධතියට එක් වන්නේ මෙගාවොට් 270ක පමණ විදුලි ධාරිතාවක් වේ.