රස මිශ්‍රණය පැත්තක තියලා නූඩ්ල්ස් එකෙන් කට්ලට් හදමු.

Sri lanka Food Recipes
By Wayomi Jul 18, 2022 12:26 PM GMT
Report

ක්ෂණික නූඩ්ල්ස් කන්න හොඳ නැහැ කියනවා තමයි. හැබැයි ඒකේ තියෙන රස මිශ්‍රණය පැත්තක තියලා නූඩ්ල්ස් එකෙන් හදාගන්න පුළුවන් කට්ලට් රෙසිපි එකක් ගැනයි මේ කියන්න යන්නේ

අවශ්‍ය ද්‍රව්‍ය

? ක්ෂණික නූඩ්ල්ස් පැකට් එකක්

? චොප් කරගත් ළූණු මේස හැඳි 3ක්

? චොප් කරගත් අමුමිරිස් මේස හැන්දක්

? චොප් කරගත් කැරට් මේස හැඳි 2

? තම්බා පොඩි කරගත් අල පොඩි ගෙඩි 2

? පාන් කුඩු

? බිත්තරයක්

? පාන් පිටි ටිකක්

? රස අනුව ලුණු, ගම්මිරිස් සහ කෑලි මිරිස් 

සාදාගන්න ආකාරය

? නූඩ්ල්ස් පැකට් එක කුඩාවට කඩාගෙන තම්බා වතුර පෙරා ගන්න.

? එයට පාන් පිටි, පාන් කුඩු සහ බිත්තරය හැර අනිත් සියල්ල එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

? මිශ්‍රණයෙන් කුඩා බෝල සාදා පැතලි කරගෙන පාන් පිටි වල දවටගන්න.

? ඉන්පසුව බිත්තර සාරු තවරා පාන් කුඩු වල දවටාගන්න.

? දැන් තෙල් තෙලේ බැදගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW