මොන ඡන්දේ තිබ්බත් පොහොට්ටුව දිනනවාමයි. - අපේක්ෂකයා අවශ්‍ය වේලාවට එයි.
ඉදිරියේ දී කුමන මැතිවරණයක් පැවැත්වූවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉන් ජය ගන්නා බවත්, සුදුසු අපේක්ෂකයෙකු අවශ්‍ය වේලාවට ඉදිරිපත් කරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි ප්‍රකාශ කරනවා. .
ඔහු මේ බව කියා සිටියේ, ගම්පහ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකට එක්වීමෙන්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 78 වන ඡන්ම දිනය නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට දිවා අහාරය පිරිනැමීම හා ගැබිණි මව්වරුන්ට අවශ්‍ය කරන සනීපාරක්ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පිරිනැමීමේ පිංකමක් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සංවිධාන කර තිබුණා.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරු විසින් මෙය සංවිධානය කර තිබුණා.
එහි දී එම දිස්ත්‍රික්කයේ සියලුම ආසනයන්හි අඩු ආදායම්ලාභි ගැබිණි මව්වරුන් 420 දෙනෙකුට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය, රුපියල් 5000ක මුල්‍ය ආධාරයක් හා දිවා ආහාර වේලක් ද ලබාදෙනු ලැබුවා.