"නෝ ඩීල් ගම" අරගලකරුවන් සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක්. ! එම ස්ථානයේ නවතම දර්ශන සහිතයි..(VIDEO)
Colombo
Sri Lankan protests
Prime minister
Sri Lanka
By Sewvandhi
කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය ආසන්නයේ උණුසුම් තත්ත්වයක් ඇතිවී තිබේ.
අරලියගහ මන්දිරය අසල විරෝධතාවයේ නිරතවන නෝ ඩීල් ගමේ අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්යාලය දෙසට ගමන්කිරීමට උත්සාහ කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇතිවී ඇත.
එහිදී පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ එම ස්ථානය ආසන්නයේ විභාග මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක වන බැවින් අරගලකරුවන්ට ඉදිරියට ගමන්කිරීමට අවසර දිය නොහැකි බවය.
ඒ අනුව මේ වනවිට අරගලකරුවන් පිරිස එම ස්ථානයේ බිම ඉඳගනිමින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරතව සිටී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |