කෝටි 300ක දිනුමක් ලොතරැයි මණ්ඩලයට ඇදේ..ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ දේ බලන්න..
ජාතික ලොතරැයි මණ්ඩලය ඉතිහාසයේ ප්‍රථම වතාවට රුපියල් බිලියන 3 ක ලාභයක් වාර්තා කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලයට හැකිවී තිබෙනවා.
එහි සභාපති අජිත් ගුණරත්න මහතා පැවසුවේ, කෝවිඩ් වසංගතය හමුවේ රට තුළ උද්ගත වූ ආර්ථික සහ දේශපාලන අභියෝග යටතේ රටේ පෞද්ගලික හා රාජ්‍ය අංශ දැඩි බලපෑමට ලක්ව තිබූ බවත් එයට නොබියව මුහුණ දෙමින් ජාතික ලොතරැයි මණ්ඩලය තම අරමුණු මනා කළමණාකාරීත්වයකින් යුතුව ඉටුකරගත් බවයි.
ජාතික ලොතරැයි මණ්ඩලය අලුත් වී ඇති බවත්, ඉදිරියේ දී නව මුහුණුවරකින් DLB ලෙස නව සන්නාම නාමය යටතේ කටයුතු කරන බවත් අජිත් ගුණරත්න මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස අදහස් ප්‍රකාශ කර සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සංවර්ධන ලොතරැයියෙන් බිහිවූ ජයග්‍රහයකයින් සඳහා මූල්‍ය චෙක්පත් ප්‍රධාන උත්සවයකට සහභාගි වෙමිනි.
මහනුවර ,මාතලේ ,කෑගල්ල ,කුරුණෑගල යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින් එම දිස්ත්‍රික්කවල ලොතරැයිපත් ජයග්‍රාහි දසලක්ෂපතියන් 14 දෙනෙකුට හා එම ටිකට් පත් අලෙවි කළ අලෙවි නියෝජිතයින් හට මූල්‍යමය චෙක්පත් මෙහිදී ප්‍රධාන කෙරුණා.
ඒ හා සමගාමීව ලොතරැයි මණ්ඩලයේ අලෙවි නියෝජිතයන් හට ජීවිත රක්ෂණාවරණ ලබාදීම ද මෙහිදී සිදුවීම විශේෂත්වයක්.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |