දික්වැල්ල ඇතුළු ක්‍රීඩකයින් තිදෙනෙකු හදිසියේ ඔස්ට්‍රේලියාවට කැඳවූ හේතුව..
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා පිලට අමතරව ක්‍රීඩකයින් ලෙස තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ශ්‍රී ලංකාවෙන් පිටත් කර යැවීමට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව කඩුලු රකින පිතිකරු නිරෝෂන් දික්වැල්ල, වේගපන්දු යවන්නන් වන අසිත ප්‍රනාන්දු සහ මතීෂ පතිරණ ඔස්ට්‍රේලියාව බලා යෑමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතයේ ක්‍රීඩක පරිසාධ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු Tim McCaskill ද ඕස්ට්‍රේලියාවේ පුහුණුවීම් සඳහා යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සංචිතයේ ප්‍රධාන ක්‍රීඩකයින් 5 දෙනෙකු මේ දිනවල පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ආබාධයකට ලක්වීමත් සමඟ ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර සහ දනිෂ්ක ගුණතිලකට තරඟාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ආබාධයන්ට ලක්ව සිටින ප්‍රමෝද් මධුෂාන් සහ පැතුම් නිශ්ශංක තවමත් ශ්‍රී ලංකා කණ්ඩායමේ රැඳී සිටියි.
ශ්‍රී ලංකා උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන පසුගියදා ප්‍රකාශ කලේ ආබාධයන්ට ලක්වූ ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඔස්ට්‍රේලියාවට කැඳවීමට තීරණය කර සිටින බවයි.