දික්වැල්ල යළි ක්රිකට් පිටියේ කරළියට එයි... අද සුපිරි පිතිහරඹයක්..
සංචාරක පාකිස්ථානු කණ්ඩායම හා ශ්රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දී නිරෝෂන් දික්වැල්ල සිය අර්ධ ශතකය ලබා ගැනීමට සමත් වුණා.
ඒ දික්වැල්ලගේ 22 වැනි ටෙස්ට් අර්ධ ශතකයයි.
දික්වැල්ලගේ මෙම අර්ධ ශතකය හතරේ පහර 06කින් හා එක් හයේ පහරකින් වර්ණවත් වුණා.
දික්වැල්ල මෙම ලකුණු 50 ලබා ගැනීමට පන්දු 52ක් වැය කළා.
දික්වැල්ල ටෙස්ට් ලකුණු මේ වනවිට මෙම අර්ධ ශතකයත් සමග 2734 සීමාව ඉක්මවා යනවා.
ටෙස්ට් තරග 52කට ක්රීඩා කර ඇති දික්වැල්ල ඉනිම් 92කට ක්රීඩා කර තිබෙනවා.
වමත් පිතිකරුවෙකු වන නිරෝෂන් දික්වැල්ල තමන්ගේ ටෙස්ට් දිවියේ එල්ල කර ඇති හතරේ පහරවල් ගණන 295ක් වන අතර ඊට හයේ පහර 10ක් ද එල්ල කර තිබෙනවා.
දික්වැල්ල පාකිස්ථාන ටෙස්ට් තරගයේ නිසි අයුරින් සාර්ථක වූ පළමු අවස්ථාව ද මෙයයි.
කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නගේ තීරණයට අනුව පළමුව පන්දුවට පහරදීමට ශ්රී ලංකා කණ්ඩායම පිටියට පිවිසි අතර, මේ වනවිට කඩුලු 07ක් දැවී ලකුණු 329ක් ලබා සිටිනවා.
දික්වැල්ල සමග පිටියේ රැඳී සිටින්නේ රමේෂ් මෙන්ඩිස්. වෙල්ලාලගේ ලකුණු 11ක් ලබා සිටියදී නසීම් ෂා එල්ල කළ බවුන්සර් පන්දුවකට හසු වී දැවී ගියේ බාබර් අසාම් වෙත උඩ පන්දුවක් ලබාදෙමින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |