නිරෝෂා විරාජිනීගේ ගෙට තරුණයෙක් හොරෙන් යන්න ගිහින් මාට්ටු වෙයි..

Nirosha CID - Sri Lanka Police Sri Lanka Police Sri Lanka Actress
By Aruna Nov 13, 2023 06:56 AM GMT
Report

ජනප්‍රිය ගායන ශිල්පිනී නිරෝෂා විරාජිනිගේ මාලඹේ ප්‍රදේශයේ නිවෙසට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු හෙට (14) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් කමල් විජේසිරි මහතා විසින් නියෝග කර තිබෙන බව වාර්තා වනවා.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් දීර්ඝ ලෙස විමර්ශනයක් කළ මාලඹේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසාද් රත්නායක මහතා ඇතුළු කණ්ඩායමක් විසිනි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වයස අවුරුදු 35ක තැනැත්තෙක් බවයි පැවසෙන්නේ.

පොලීසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත්තේ, මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම මෙම ගායන ශිල්පිනියගේ නිවෙසට ඇතුළුවීමට උත්සාහ දරා තිබෙන බවයි.