අදහාගත නොහැකි තරම් ගුණ ඇති නිදිකුම්බා වල ප්‍රතිලාභ.

By Wayomi Sep 20, 2022 11:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

අපි දන්නා නොදන්නා ඕන තරම් ඖෂධ පැලෑටි මේ මහ පොළොවේ තියෙනවා. හැබැයි අපි අවට තියෙන ගොඩක් ඖෂධ පැලෑටි ගුණඅගුණ අපි තාමත් හරියටම දන්නේ නැහැ. ඉතින් මේ කියන්නෙත් නිතරම කරදකාරී පැලෑටියක් ලෙස උගුල්ලා දමන

🎍 මේ නිදුකුම්බා ශාකය හීන් නිදුකුම්බා හා ගස් නිදුකුම්බා යන නම්වලින් ද හඳුන්වනවා.

🎍 ඒ හැරුණාම පැරණි වෛද්‍ය පොත්පත්වල දඩින්නරු යන නමින් මේ පැලෑටිය හඳුන්වා තියෙනවා.සංස්කෘත බසින් ලජ්ජාලු, ශම්පත්‍රා සමංගා,වරාහා,ක්‍රාන්තා,ජල කර්ණිකා ,රක්තපාදී නමස්කාරී ඛදිරිකා ,ජයපුෂ් ආදී නම්වලින් ද හඳුන්වනවා.

🎍 ඖෂධීය වටිනාකම-ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ වගේම දේශීය වෛද්‍ය ක්‍රමයේ දී වැඩි වශයෙන් ප්‍රයෝජනයට ගන්නා ශාක අතර නිදුකුම්බා පැලෑටිය ඉතා විශේෂයි.

🎍 මෙය රසයෙන් කටුක හා තිත්ත වන ගුණයෙන් ලඝු හා රුක්ෂ වන වීර්යයෙන් උෂ්ණ වන විපාකයෙන් කටුක නසන ගුණයන්ගෙන් සමන්විතයි.

🎍 නිදිකුම්බා කොළ වියළා ගෙන හොඳින් කුඩු කර තේ හැන්දක් හෝ භාගයක් කිරි සමඟ මිශ්‍රකර කෑමෙන් සෑම රෝගයටම ගුණදායකයි.

🎍 ඒ හැරුණාම නිදිකුම්බා කොළ වියළා කුඩු කර උණුවතුරින් තම්බා තේ ලෙසට පානය කිරීමත් සුදුසුයි. ඒ හැරුණාම නිදිකුම්බා දළු ව්‍යංජනයක් ලෙස රසවත්ව පිළියෙල කර ආහාරයක් ලෙසටත් ලබා ගන්නට පුළුවන්.

නිදිකුම්බා සතු ඖෂධීය ගුණ

🌿 තුවාල සුව කරයි -කල්ගත වූ තුවාල වගේම අලුත කැපුණු ලේ ගලන තුවාලවල මතුපිට නිදුකුම්බා ශාකය තලා ඒ යුෂ ආලේප කිරීමෙන් රුධිරය ගැලීම නතර වී ඉක්මනින් තුවාලය සුව වෙනවා.

🌿 චර්ම රෝගවලට ගුණදායකයි -සම්පූර්ණ නිදිකුම්බා ශාකයම ගෙන තම්බා ඒ ජලයෙන් සේදීමෙන් සමේ ඇතිවන සියලුම රෝග තත්ත්වයන් සමනය කරනවා. දද, කුෂ්ට ආදියටත් සමේ විෂබීජ නිසා ඇතිවන කැසීම් තත්ත්වයන්ද සුව කරනවා.

🌿 මුඛාශ්‍රිත රෝග සුව කරයි -දත් දිරාපත්වීම, දත් කැක්කුම, විදුරුමස් දියවීම, මුඛයේ ඇතිවන තුවාල ආදී ආසාදන සඳහා නිදිකුම්බා මුල් කෂායෙන් කට සේදීම ගුණදායකයි.

🌿 ලේ අතීසාරය සඳහා -මේ සඳහා නිදිකුම්බා ගසේ මුල් හොඳින් සෝදා වියළා කුඩු කර කුඩු තේ හැදි ½ ක් වතුර වීදුරුවකට

🌿දමා පානය කරන්න

🌿 දියවැඩියාවට ගුණයි

🌿 ඇදුම සුව කරයි

🌿 සුදු කබර සුව කරයි

🌿 ආතරයිටීස් සඳහා ගුණදායකයි

🌿ගුද මාර්ගය ආශ්‍රිතව ඇතිවන භගන්ධරා රෝගයට

🌿 මුත්‍රාශයේ ගල් හා මුත්‍ර ආසාදන සුව කරයි

🌿ගර්භාෂයේ රෝග සඳහා ගුණදායකයි

🌿 හිසකෙස් ගැලවී යාම වළක්වයි

🌿 මානසික අවපීඩනය දුරු කරයි

🌿 පිළිකාවන්ට ප්‍රතිවිරෝධීතාවයක් දක්වයි

🌿 අර්ශස් රෝගයට ගුණයි

🌿 නිදිකුම්බා මුල් ස්වල්පයක් වතුර පත 4 ක් දමා සිදුවා පෙරා පානය ඒ සඳහා සුදුසුයි.

🌿 මුත්‍රා දැවිල්ලට ගුණදායකයි

🌿 ස්ත්‍රී රෝග බොහොමයකට ගුණදායකයි

🌿 විශේෂයෙන්ම ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත සෑම රෝගයක් සඳහා නිදිකුම්බා ශාකය ඉතා ගුණදායකයි. මේ ශාකය තැම්බූ

🌿 ජලයෙන් සේදීමෙන් එවැනි රෝග සමනය කරගන්නට පුළුවන්.

🌿 ඉදිමුම් සුව කරයි

🌿 ලාදුරු සඳහා ගුණදායකයි

🌿 ළදරු අතීසාරය සුව කරයි

🌿 ගොනොරියා සඳහා ගුණදායකයි

🌿 මේ සඳහා හීන් නිදිකුම්බා (ගස් නිදිකුම්බා ) මුල් කෂාය යොදාගනු ලබනවා.

🌿 කැඩුම් බිදුම් සඳහා ගුණදායකයි

🌿 පැස වූ ලේ ගෙඩි පිපිරවීමට

🌿 හොඳින් මුත්‍රා පිටවීම සඳහා සුදුසුයි

🌿 පීනසට ගුණදෙයි

🌿 හීන් නිදිකුම්බා කැපූ විට ගලන ශ්‍රාවය නස්‍ය කිරීම ඉතා ගුණදායකයි

🌿 අධික රුධිර පීඩනයට ගුණදෙයි

🌿 නිදිකුම්බා සම්පූර්ණ ශාකයම වියළා කෂාය කර බීම යහපත්.

🌿 පොළොං විෂට

🌿 සර්පයන් දමනයට  


සැ. යු. - නිදිකුම්බා ශාකය ඖෂයක් ලෙසට හෝ ආහාරයක් ලෙසට භාවිතා කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ගන්න. 

 

ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW