ශ්‍රී ලංකාවේ ඉදිරි සති 03 තීරණාත්මකයි..තීන්දුව අද.
දිනකට පැයක් පැය දෙකකක් විදුලිය කප්පාදු කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරනවා.
එසේ නොකළ හොත් දිනකට පැය හතර පහ ඉක්මවූ විදුලි කප්පාදුවකට යාම අනිවාර්යයෙන්ම සිදුවන බවද ඔවුන් අනතුරු හඟවයි.
ජල විදුලි නිෂ්පාදනය මේ වන විට 25% දක්වා අඩු වී ඇති බවත් තවදුරටත් විදුලිය නිෂ්පාදනයට ජලය යොදා ගතහොත් එම බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය පහළ බැසීමෙන් විදුලි අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ඔවුන් පෙන්වාදෙති.
මේ වන විට ජලාශවල ජල මට්ටම 60% ක් දක්වා අඩු වී ඇති බවත් එය 40% ට පහළ ගිය පසු විදුලි නිෂ්පාදනය නතර කිරීමට සිදුවන බවත් ඔවුහු කියති.
ඉන්ධන මිල දී ගැනීමට ඩොලර් නැති නිසා හදිසි මිලදී ගැනීමට යටතේ පෞද්ගලික ඩීසල් බලාගාර වලින් වැඩි මිල ගණන් වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි නිසා හොඳම විසඳුම දිනකට පැය දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවුහු කියා සිටිති.
එසේ නොකර හිතුවක්කාර ලෙස අඛණ්ඩව විදුලිය ලබාදීමේ පදමින් කටයුතු කරන්න ගියොත් ඉදිරි සති තුන හතරකට පසු දිනකට පැය හත අටක් විදුලිය කපා දැමීමට තල්ලු වනු ඇති බවද ඔවුහු දැඩිව අනතුරු අඟවති.
මේ අතර විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනයේ තීරණය කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරයි.
රට තුළ පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් නැවත සමාලෝචනය කිරීමෙන් පසුව අද පස්වරුවේ ඒ ගැන තීන්දුවක් ගන්නා බව කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |