ඉදිරි මාස තුනේ භාණ්ඩ මිලට වෙන දේ මෙන්න..

Business Mobile Sri Lanka
By Aruna Nov 09, 2022 01:11 AM GMT
Report

ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.

ඉදිරියේදී උත්සව සමයක් එළඹෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයන කරුවන් සහ දේශීය නිෂ්පාදකයන් ද සුපිරි වෙළඳසැල් සමග ද සාකච්ඡා කර වැඩ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද සඳහන්.

මෙි වන විට බිත්තර නිෂ්පාදනය සඳහා අවශ්‍ය බඩ ඉරිගු, කළු ඇට ආදී අමුද්‍රව්‍ය වල මිල පහත බැස ඇති බවද ඔහු පැවසුවා.

නමුත් බිත්තර නිෂ්පාදකයන් තවදුරටත් මිල වැඩි කළ යුතු බවට පවසා ඇති බවත්, එසේ නොවී අමුද්‍රව්‍ය මිල අඩු වී නිෂ්පාදන වැඩි කිරීමට හැකියාව ලැබීම හේතුවෙන් සාධාරණ මිලකට භාණ්ඩ අළෙවි කළ යුතු බවද ඔහු සඳහන් කළා.

බිත්තර සඳහා පාලන මිලක් පවත්වාගෙන යන්නේ ජනතා වෙනුවෙන් බවත්, තිරිඟු පිටි මිල දැනට පවතින අයුරින් ඉදිරි මාස කිහිපයේදීත් පවත්වාගෙන යාමට රජයට වගකීමක් ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now