මීළඟ අගවිනිසුරුවරයා ප්‍රීති පද්මන් සූරසේන?

Anura Kumara Dissanayaka Law and Order Latest Headlines Sinhala news NPP Government
By Shehan Jul 22, 2025 06:19 AM GMT
Report

ඉදිරි අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රිති පද්මන් සූරසේනගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, හෙට (23) රැස්වන එම සභාවේදී මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

වත්මන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය මේ මස 27 වැනිදා විශ්‍රාම යෑමට නියමිතව ඇත.

ඒ අනුව, මීළඟට පත්වන අගවිනිසුරුවරයා ශ්‍රී ලංකාවේ 49 වැනි අගවිනිසුරුවරයා වනු ඇත.