ඉදිරි පැය 12 තීරණාත්මකයි..ලංකාවටත් අනතුරු ඇගවීමක්!!.

India TN Weather Northern Province of Sri Lanka Weather
By Aruna Dec 02, 2023 01:59 AM GMT
Report

නිරිතදිග බෙංගාල බොක්ක ආශ්‍රිත පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර 490 ක් පමණ ඊසාන දෙසින් පවතින බවත් එය ඉදිරි පැය 12 තුල ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත්, හෙට (03) දින වන විට සුළි කුණාටුවක් දක්වාත් තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඉදිරි පැය 12 තීරණාත්මකයි..ලංකාවටත් අනතුරු ඇගවීමක්!!. | Next 12 Hours Risk Sri Lanka

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, මෙම පද්ධතිය, ශ්‍රී ලංකාවේ උතුරු වෙරළට ආසන්නයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන් කර 05 වන දින වන විට ඉන්දියාවේ උතුරු තමිල්නාඩු වෙරළ තීරය දක්වා ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඉදිරි පැය 12 තීරණාත්මකයි..ලංකාවටත් අනතුරු ඇගවීමක්!!. | Next 12 Hours Risk Sri Lanka

ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත්, උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා.

මේ හේතුවෙන් දිවයිනේ සෙසු පළාත්වල පස්වරු 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වේ.

දකුණු සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකි අතර, උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං බලාපොරොත්තු වේ.

එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.