ක්‍රිකට් ආයතනයේ ජර්සි වෙන්දේසිය..

Cricket New Zealand New Zealand Cricket Team
By Sewvandhi Mar 08, 2023 01:39 PM GMT
Report

ගේබ්‍රියල් සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින්,නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් විශේෂ ජර්සි වෙන්දේසියක් සූදානම් කර තිබේ.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ එක් ලකුණකින් ජයග්‍රහණය කළ දෙවැනි ටෙස්ට් තරගය වන එංගලන්ත - නවසීලන්ත ටෙස්ට් තරගයේදී ක්‍රීඩකයන් භාවිත කළ ජර්සි ක්‍රීඩකයන්ගේ අත්සන සහිතව වෙන්දේසී කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය එලෙස තීරණය කර ඇත.

නවසීලන්ත ක්‍රිකට් ආයතනය, නවසීලන්ත රතු කුරුස ආයතනය සහ නවසීලන්තයේ ප්‍රධාන බැංකුවක් එක්වී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. නවසීලන්ත ක්‍රිකට් ආයතනය මෙම අරමුදල් රැස්කිරීමේ වැඩසටහන නම්කර ඇත්තේ ''පිච් ඉන්'' හෙවත් 'පිටියට පිවිසීම' යනුවෙනි.

මෙම වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර මාර්තු 25 වනදා පවත්වන පළමු එක්දින තරගයෙන් ලැබෙන මුදල් ද ලබාදීමට නියමිත බව වාර්තා වෙයි.

දෙරට අතර තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගය 9වන දින ක්රයිස්චර්ච් හීදී පැවැත්වීමට නියමිතය. නවසීලන්තයේ බැංකුවක් ඒ සඳහා ඩොලර් මිලියනක් පරිත්‍යාග කර ඇති අතර ශ්‍රී ලංකා - නවසීලන්ත පළමු එක්දින තරගයේ ප්‍රවේශපත්‍ර අලෙවි වන ආදායමද ඊට එක්කෙරෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now