අයර්ලන්ත කණ්ඩායමෙන් ලෝක වාර්තාවක්..ලංකාවට සිදුවූ දේ මෙන්න..

Sri Lanka Cricket New Zealand Cricket Team
By Aruna Nov 04, 2022 07:23 AM GMT
Report

20/20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කාණ්ඩයේ ශ්‍රී ලංකාවටත් අතිශය වැදගත් තරගයක් අද නවසීලන්තය සහ අයර්ලන්තය අතර ඇඩිලේඩ් ක්‍රීඩාංගණයේදී පැවැත් වුණා.

මෙම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දු ඕවර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 185ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ අයර්ලන්ත කණ්ඩායමට පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150ක් පමණි.

ඒ අනුව ලකුණු 35කින් ජයගත් නවසීලන්ත කණ්ඩායම පළමු කාණ්ඩයේ යළිත් පෙරමුණ ගන්නට සමත් වුණා.

මේ අතර අයර්ලන්ත කණ්ඩායමේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ජොස් ලිට්ල් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමද විශේෂත්වයක්.

ඒ නවසීලන්ත ඉනිමේ 18 වැනි පන්දු ඕවරයේ 2වැනි, තුන්වැනි සහ සිව්වැනි පන්දුවලින් පිළිවෙලින් කේන් විලියම්සන් (ලකුණු 61), ජේම්ස් නීශම් (00) සහ මිචෙල් සැන්ටර් (00) දවාගනිමිනි.

අයර්ලන්ත කණ්ඩායම මෙම තරඟය පරාජයට පත්වීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි සිව්දෙනා වටයට යන්නට තිබූ තවත් බලාපොරොත්තුවක් අහිමිවී ගියා.

මීලඟ අවසන් බලාපොරොත්තුව වන්නේ අද සවස ඕස්ට්‍රේලියාව සහ ඇෆ්ගන්ස්ථානය අතර පවතින තරඟයයි.

අද සවස පැවැත්වෙන මෙම තරඟයෙන් ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් බලාපොරොත්තුවද ගිලිහී යනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now