අද සිට ක්‍රියාත්මක වන බද්ද..

By Sithumi Oct 01, 2022 04:28 PM GMT
Report

පසුගිය අයවැයෙන් හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අද(1) සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. මෙම බද්ද අය කෙරෙන්නේ වාර්ෂිකව රුපියල් කෝටි දහයකට වැඩි පිරිවැටුමක් ලබන සමාගම්වලිනි.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මගින් රජය උපයා ගැනීමට අපේක්ෂා කරන මුදල රුපියල් කෝටි 1400කි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී විවිධ බදු ඉවත් කිරීම නිසා රජයට රුපියල් කෝටි පනස් දහසකට ආසන්න බදු මුදලක් අහිමිවූ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.