වෙළෙඳපොළට අලුතින්ම එන ස්මාර්ට් ගිනි අවිය..පොඩි අය අතට උණත් දෙන්න පුලුවන්.
Business
Technology
American
New smart gun
Marketing
By Aruna
ස්මාර්ට් පිස්තෝලයක් එළි දක්වයි නියම හිමිකරුට (verified user) පමණක් ක්‍රියාත්මක කළ හැකි ස්මාර්ට් ගිනි අවියක් අමෙරිකානු සමාගමක් විසින් නිෂ්පාදනය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව LodeStar Works නම් සමාගම අද (11) මිලි මීටර් 9 ස්මාර්ට් පිස්තෝලයක් එළි දක්වා තිබේ.
වසර විස්සක පමණ සමාජ කතිකාවක් නිමාකරමින් නුදුරේදීම එම ගිනි අවිය වෙළෙඳපොළට නිකුත් කෙරෙතැයි වාර්තා පළ වෙයි.
මෙම ගිනි අවිය නිෂ්පාදනය සඳහා යොමු වූයේ ළමුන් අතින් සිදුවන ගිනි අවි අනතුරු ගැන නිතර ඇසීමට ලැබීමෙන් පසුව බව LodeStar සමාගමේ සම-නිර්මාතෘ ගැරත් ග්ලේසර් පැවසුවේය.
ස්මාර්ට් ගිනි අවියේ විශේෂත්වය වන්නේ එම අවියේ සත්‍ය හිමිකරුගේ තොරතුරු ඊට ඇතුළත් කළ හැකි වීමය.
ඒ හේතුවෙන් වෙනත් පුද්ගලයින්ට එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නොලැබෙයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |