නව අගමැති කවුද? අලුත් නමක් කැරකෙයි..

Parliament of Sri Lanka Athuraliye Rathana Thero Gotabaya Rajapaksa Mahinda Rajapaksa Sri Lanka
By Aruna Apr 29, 2022 03:03 AM GMT
Report

නව අගමැතිවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා සිය ලිපියෙන් යෝජනා කර ඇති බවත් නව අගමැතිවරයකු සඳහා නමක් මේ දිනවල කැරකැවෙමින් තිබෙන බවත් අපේ ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පැවැසූහ.

ජනාධිපතිවරයාගේ බලතල සීමා වන සමූහයකට බලය පැවරෙන වැඩපිළිවෙළක් ජනාධිපති වරයාට යෝජනා කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අගමැතිවරයා ඉවත් නොවන්නේ නම් විශ්වාස භංග යෝජනා මගින් ඒ කටයුත්ත කිරීමට සිදුවන බවත් ඉවත් නොවී රට අර්බුදයක් බවට පත්කිරීමට ඔහු කටයුතු කරනු ඇතැයි නොසිතන බවත් රතන හිමියෝ පැවසුහ.

අගමැතිවරයා ඉවත් නොවුණහොත් ජන අරගලය සමග එකතුවී ඒ කටයුතු කිරීමට සිදුවන බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

මේ අතර නව අගමැති ලෙස නම් කිහිපයක්ම යෝජනාවී ඇති බව පසුගිය දින වල කතාබහට ලක් වුණා ඒ අතර ඩලස් අලහප්පෙරුම හිටපු අමාත්‍යවරයාගේ නම විශේෂ වේ.

මීට අමතරව දිනේෂ් ගුණවර්ධන,රමේෂ් පතිරණ,නාමල් රාජපක්ෂ යන අයගේ නම් යෝජනාවී ඇති බව පසු ගිය දිනවල කතාබහට ලක් විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now