ලංකාවේ තව මාස 10 කින් නව ජනපති කවුද? නවතම සමීක්ෂ වාර්තාවකින් හෙළි වූ දේ මෙන්න..
ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට ජන්ද දායකයින් තම ඡන්දය ප්‍රකාශ කරන්නේ කාටද යන්න පිළිබඳ IHP ආයතනය විසින් දෙසැම්බර් මාසයේ සිදුකළ මත විමසුම් සමීක්ෂණයක ප්‍රතිඵල වාර්තාව මේ වන විට නිකුත් කර තිබෙනවා.
අදාළ සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සියයට 50 ක ජනතා ප්‍රසාදයක් ලබා ගනිමින් පෙරමුණ ගෙන ඇති බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
මේ අතර, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සියයට 33 ක ප්‍රතිශතයක් ලබාගනිමින් දෙවන ස්ථානය ලබාගෙන ඇති අතර, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගෙන ඇත්තේ සියයට 9 ක ජනතා ප්‍රසාදයක් පමණක් බවයි එහි දැක්වෙන්නේ.
මෙම සමීක්ෂණ වාර්තාවට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂයාට සියයට 8 ක ජනතා ප්‍රසාදයක් ලැබී ඇත.
IHP යනු ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ස්වාධීන, පක්ෂග්‍රාහී නොවන පර්යේෂණ මධ්‍යස්ථානයක් වන අතර, මෙම මත විමසුම්වලට සම්බන්ධ ප්‍රධාන විමර්ශකයා වන්නේ, IHP හි ආචාර්ය රවී රන්නන් - එලිය බවයි සඳහන් වන්නේ.
ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ මහජන මත විමසුම් සමීක්ෂණ පිළිබඳ පුහුණුව ලබා ඇති අතර දශක තුනක් පුරා විවිධ මත විමසුම් පරීක්ෂණ ද සිදුකරමින් සිටියි.
