ඉදිරියේදි රටේ පාලනයේ වෙනසක්..? වෙන්න යන අලුත්ම වෙනස මෙන්න.

Srilanka politics tamil political parties New parties
By Sithumi Jan 10, 2022 12:50 PM GMT
Report

2021 වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ තුනක් ලියාපදිංචි කර තිබෙනවා. මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, එම පක්ෂ මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගත් දේශපාලන පක්ෂ වශයෙන් ලියාපදිංචි කර ඇති බවයි. ඒ අනුව ලියාපදිංචි කර ඇති නව පක්ෂ වන්නේ,

*තමිල් මක්කල් කුට්ටනි

*නව ලංකා නිදහස් පක්ෂය

*දමිළ ප්‍රගතිශීලි සන්ධානය

මේ අතර 2022 වර්ෂය සඳහා දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මේ අතර, නොකඩවා සභාවාර තුනක් හෝ අඛණ්ඩව දින 90ක් සභා රැස්වීම් සඳහා නොපැමිණීම මත සභික ධූරය අහිමිවූ පළාත් පාලන ආයතනවල යම් සභිකයෙකු නැවත එම සභා කාලය තුළ සභික ධූරයක් සඳහා පත් කිරීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනත අනුව කළ නොහැකි බවට කොමිෂන් සභාව තීරණය කර ඇත.