ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවයි
ශ්රී ලංකාවේ මෝටර් රථ ක්රීඩා සම්බන්ධ ජාතික සංගමය වන ශ්රී ලංකා මෝටර් රථ ක්රීඩා සංගමයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තරුණ කටයුතු හා ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පියවර ගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් නිවේදනයක් ද අමාත්යවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත.
මෙම තීරණයත් සමඟ සංගමයේ ව්යවස්ථාව සංශෝධනය කිරීමේ ක්රියාවලිය සම්පූර්ණ කිරීම සහ නව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීම සඳහා වන නිලවරණ කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ කටයුතු හා ක්රීඩා අමාත්යාංශයේ ලේකම්වරයා වෙත පවරා තිබේ.
ඒ අනුව, සංගමයේ ඉදිරි පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් අවශ්ය කාර්යයන් සිදු කිරීම සඳහා අමාත්යාංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කර ඇත. අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අනුව, අමාත්යාංශ ලේකම්වරයා නිසි බලධාරියා ලෙස පත් කිරීම පසුගිය ඔක්තෝබර් 15 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි සිදු කර තිබේ.