නව නාවික හමුදාපති ජනාධිපති ලේකම් හමුවෙයි
Sri Lanka Navy
Latest Headlines
Sinhala news
Puwath.lk
By R.rishma
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර නිල හමුවක් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වැනි නාවික හමුදාපතිවරයා ලෙස පත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් නව නාවික හමුදාපතිවරයා වෙත සිය සුබ පැතුම් පිරිනමනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු මහතා විසින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත සමරු තිළිණයක් ද පිරිනමන ලදී.